ඇමරිකාව තහනම් ලැයිස්තුවට



ඇමරිකා එක්සත් ජනපදය තුළ නව කොරෝනා වෛරස් ප්‍රභේදය (Omicron) ව්‍යාප්ත වීම හේතුවෙන් ඊශ්‍රායලය ඇමරිකාව තහනම් ලැයිස්තුවට එක්කර ඇත.

ඒ අනුව, ඊශ්‍රායල ඇමරිකා එක්සත් ජනපදයට ගුවන් ගමන් තහනමක් පැනවීමට කටයුතු කර ඇති අතර, ඇමරිකා එක්සත් ජනපදයට ගමන් කිරීමට විශේෂ අවසරයක් ලබාගැනීමට ඊශ්‍රායල ජාතිකයන්ට සිදු වේ.

නව කොරෝනා වෛරස් ප්‍රභේදයෙන් ජනතාව අරක්ෂා කරගනීම සඳහා මේවනවිට රටවල් පනහකට (50) වැඩි සංඛයාවකට ගුවන් ගමන් තහනමක් පැනවීමට ඊශ්‍රායලය කටයුතු කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත එක්සත් ජනපදය, ඉතාලිය, බෙල්ජියම, ජර්මනිය, හංගේරියාව, මොරොක්කෝව, පෘතුගාලය, කැනඩාව, ස්විට්සර්ලන්තය සහ තුර්කිය යන රටවල් තහනම් ලැයිස්තුවට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ජෙරුසලම) 

RECOMMEND POSTS