ආසාදිතයන් 588ක් වාර්තා වෙයි



කුවේට් රාජ්‍යයේ පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 රෝගීන් 588ක් වාර්තා වී ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

සමස්ථ රෝගීන් සංඛ්‍යාව 417,723 දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 2,468 ක් ලෙස නොවෙනස්ව පවතින බව කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

වෛරසය ආසාදනය වී සිටි රෝගීන් 108 දෙනෙකු පසුගිය පැය 24 තුළ සුවය ලබා ඇති අතර, සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 411,788 දක්වා ඉහළ ගොස් ඇති බව කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS