ආරක්ෂක අධ්‍යක්ෂකට දුෂණ චෝදනා



සෞදි අරාබියේ මහජන ආරක්ෂක අධ්‍යක්ෂකට දුෂණ චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.

මහජන ආරක්ෂක අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ලුතිනන් ජෙනරාල්, කාලිඩ් බින් කරාර් අල් හර්බිට පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සේවකයින් 18 දෙනෙකු සමඟ අල්ලස් ගැනීම සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම යන චෝදනා එල්ල වී ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

සෞදි රජු, සල්මාන් බින් අබ්දුලාසීස් අල් - සවුද් රාජකීය නියෝගයක් නිකුත් කරමින් අල්-හර්බිව මහජන ආරක්‍ෂක අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS