ආමේනියානුවන් ඝාතනය ගැන බයිඩන් කතා කරයි



ඔටෝමාන් අධිරාජ්‍යය පැවැති පළමු ලෝක මහා සංග්‍රාමයේ දී, ආමේනියානු වැසියන් ඝාතනය සමූහ ඝාතනයක් ලෙස තමන් පිළිගන්නා බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.

බයිඩන්ගේ මෙම ප්‍රකාශය ආමේනියානුවන්ගේ පැසැසුමට ලක් වී ඇති නමුත් ඔටෝමාන් අධිරාජ්‍යයේ කේන්ද්‍රස්ථානය වූ වර්තමාන තුර්කිය ඒ සම්බන්ධයෙන් ඇමෙරිකාවට අප්‍රසාදය පළ කර තිබේ.

ජෝ බයිඩන් ආමේනියානු වැසියන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කර ඇත්තේ 'ආමේනියානු වැසියන් ඝාතන දිනය' අනුස්මරණය කරමිනි.

බයිඩන් කළ ප්‍රකාශය සහ ඔහු ආමේනියානුවන්ට පක්ෂව අදහස් දැක්වීම පිළිගත නොහැකි බවත්, තමන් දැඩිව ඊට විරෝධය පළ කරන බවත් තුර්කි රජය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වී ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS