ආමේනියා අගමැති ඉරානයේ සංචාරයක



ආමේනියානු අග්‍රාමාත්‍ය නිකෝල් පෂින්යාන් ඉරාක සංචාරයක් අරඹමින් තෙහෙරාන් අගනුවරට පැමිණියේය.

ආමේනියා අග්‍රාමාත්‍යවරයාට ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසිගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ආමේනියා අග්‍රාමාත්‍යවරයා සහ ඉරාන ජනාධිපතිවරයා අතර හමුව පැවැත්වූයේ තෙහෙරාන් අගනුවර සාදාබාද් ජනාධිපති මන්දිරයේය.

තම සංචාරයේ අරමුණ ඉරානය සමඟ යහපත් සබඳතා ඇතිකර ගැනීම යැයි ආමේනියානු අග්‍රාමාත්‍ය නිකෝල් පෂින්යාන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

ආමේනියාව සහ අසර්බයිජානය අතර දේශසීමා ගැටුම් පවතී. ආමේනියාවත් අසර්බයිජානයත් බටහිර ආසියාවට අයත් රටවල් දෙකකි. දේශසීමා ගැටුම් අවසන් කිරීමේ අරමුණින් ආමේනියාව සහ අසර්බයිජානය අතරේ සාකච්ඡා පැවැත්වෙයි. ඊට මැදහත්කරුවකු වී සිටින්නේ රුසියාවය.

දේශසීමා ගැටුම් සම්බන්ධයෙන් ද ආමේනියානු අග්‍රාමාත්‍ය නිකෝල් පෂින්යාන් සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි අතරේ සාකච්ඡා පැවැත්විණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS