ආක්‍රමණය ගැන පැසැසුම්



යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගත් තීරණය ප්‍රසංශනීය යැයි සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් පවසයි.

සිරියානු ජනාධිපති අසාද් පවසා ඇත්තේ එය 'ඉතිහාසය නිවැරදි කිරීමක්' බවය. ජනාධිපති අසාද් මේ බව රුසියන් ජනාධිපති පුටින්ට පවසා ඇත්තේ දුරකතන පණිවුඩයක් දෙමිනි.

ජනාධිපති අසාද් සහ පුටින් අතරේ පවතින්නේ සමීප මිත්‍රත්වයකි. සිරියානු අර්බුදයේ දී අසාද්ට දිගටම ජනාධිපති ධුරයේ රැදී සිටීමට හැකි වුයේ පුටින්ගෙන් ලැබුණු සහාය නිසාය.

(අල් ජසීරා)


RECOMMEND POSTS