අසාද් දිවුරුම් දෙයි



සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්, සිය සිවුවැනි ධුර කාලය සඳහා දිවුරුම් දුන්නේය.

අසාද් ට යළිත් ජනවරමක් හිමිවූයේ පසුගිය මැයි 26 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් සියයට 95 කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට සමත් වූ බැවිනි.

ඇමෙරිකාව ඇතුළු අසාද් විරෝධී බටහිර රටවල් පෙන්වා දෙන අන්දමට මැයි 26 වැනිදා පැවැති ජනාධිපතිවරණය දූෂිත එකකි. විපක්ෂ දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අසාද් ඉඩ නොදුන් බවට ද චෝදනා එල්ල වී ඇත.

තවත් වසර 7 කට සිරියාවේ ජනාධිපති ධුරය බාර ගනිමින් අසාද් දිවුරුමු දුන්නේ ඩමැස්කස් ජනාධිපති මන්දිරයේය.

ආගමික නායකයන්, පාර්ලිමේන්තු නියෝජිතයන් ඇතුළු 600 කට වැඩි පිරිසක් එම උත්සවයට සහභාගී වී සිටි බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබේ.

'තමා බලයට පත් කළේ සිරියානු ජනතාව බවත්, ඔවුන්ගේ ශක්තිය තමන්ට ලැබෙන බවත්' දිවුරුම් දීමෙන් අනතුරුව 55 හැවිරිදි අසාද් ජාතිය අමතමින් කියා සිටියේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS