අල් අක්සා පල්ලියට පොලිසිය කඩාවදී



අල් අක්සා මුස්ලිම් පල්ලියේ උදෑසන දේව මෙහෙය සඳහා බැතිමතුන් රැස්වී සිටිද්දී, ඊශ්‍රායල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පල්ලිය අයත් භූමියට බලහත්කාරයෙන් කඩා වැදී ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

මීට දින දෙකකට පෙර ද ඊශ්‍රායල පොලිස් නිලධාරීන් අල් අස්කා පල්ලියට කඩා වැදුණු අතර, එහිදී කීප දෙනකු අත්අඩංගුවට ගත් බව ද වාර්තා විය.

එම අවස්ථාවේදී පලස්තීන ඉස්ලාම් බැතිමතුන් සහ ඊශ්‍රායල පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් ද හටගත්තේය. හටගත් ගැටුම්වලින් 17 දෙනකු තුවාල ලැබූ බව ද පැවැසිණි.

(අල් ජසීරා)


RECOMMEND POSTS