අර්බුදය ඇමෙරිකාවේ නිර්මාණයක්



රුසියාවත් යුක්රේනයත් අතර අර්බුදය, ඇමෙරිකාව විසින් නිර්මාණය කරනු ලැබූවක් යැයි ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලී කමේනී පවසයි.

ඉරාන ආධ්‍යාත්මික නායකයා මෙසේ පැවැසුවේ යුක්රේනයේ සිදු කරන හමුදා මෙහෙයුම් වහා නවත්වන්නැයි රුසියන් ජනාධිපති ව්ලදොමීර් පුටින්ගෙන් ඉල්ලීමක් ද කරමිණි.

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල ‘කෙණහිලිකම්’ සහ සම්බාධක හමුවේ ඉරානයේ සමීපතම මිතුරා වන්නේ රුසියාව සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ය.

එවැනි පසුබිමක් යටතේ, ඉරාන ආධ්‍යාත්මික නායක කමේනී, යුක්රේන අර්බුදයේ දී බටහිර හිතවාදී යුක්රේනයට පක්ෂව අදහස් පළ කිරීම සුවිශේෂී සිදුවීමක් යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

“රුසියානු යුක්රේන අර්බුදය නිර්මාණය කළේ ඇමෙරිකාවයි. මාගේ මතය වන්නේ එයයි. ඇමෙරිකාව පෝෂණය වන්නේ සෙසු රටවල අර්බුදවලිනුයි. දැන් ඇමෙරිකාවේ අලුත්ම ගොදුර යුක්රේනයයි” යැයි ඉරාන ආධ්‍යාන්තිමක නායක අල් කමේනී පවසා තිබේ.

මේ අතර, වෙනිසියුලාව සහ බ්‍රසීලය පමණක් නොව මෙක්සිකෝව ද රුසියාවට සහාය පළ කරන බව පවසා තිබේ. මධ්‍යස්ථ පිළිවෙළක් අනුගමනය කරන චීනය රුසියාවට දිගින් දිගටම ඉල්ලීම් කර ඇත්තේ යුද ගැටුම් නතර කරන ලෙසය.

(රොයිටර්)


RECOMMEND POSTS