අබුඩාබි ඔටුන්න හිමි කුමරු නම් කෙරේ



එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපති, ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාන්, සිය වැඩිමල් පුතු ෂෙයික් කලීඞ් බින් මොහොමද් බින් සයාද් අබුඩාබි ඔටුන්න හිමි කුමරු ලෙස නම් කර තිබේ.

ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාන්, එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපතිවරයා පමණක් නොව, අබුඩාබි පාලකයා ද වෙයි.

එක්සත් අරාබි එමිරේට්ස් අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ, ෂෙයික් මොහොමද් බින් සයාද්ගේ සොහොයුරා ෂෙයික් මන්සූර් බින් සයාද් අල් නහ්යාන්ය.

අබුඩාබි ඔටුන්න හිමි කුමරු ලෙස නම් කළ ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාන්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ද වෙයි.

2016 වසරේ එමිරේට්ස් රාජ්‍යයේ බුද්ධි අංශ ප්‍රධානියා ලෙස එම තනතුර හෙබවූයේ ද ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාන් ය.

(රොයිටර්)


RECOMMEND POSTS