අබුඩාබි ඊශ්‍රායල තානාපති කාර්යාලය විවෘත කෙරේ



ඊශ්‍රායල නව විදේශ ඇමැති ලෙස යාර් ලුපිඩ් සිය පළමු විදේශ සංචාරය ආරම්භ කරමින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බලා පැමිණියේය.

ලුපිඩ් එමිරේට්ස් බලා පැමිණියේ, අබුඩාබි ඊශ්‍රායල තානාපති කාර්යාලය විවෘත කිරිමටය. ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අතර හොද හිත තර වෙමින්, යහපත් සබදතා ආරම්භ වූයේ මීට මාස 9 කට පෙරය. ඒ ඇමෙරිකා ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වීමෙනි.

ඊශ්‍රායල විදේශ ඇමැති ලෙස යාර් ලුපිඩ් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය බලා පැමිණිමත්, බුඩාබි ඊශ්‍රායල තානාපති කාර්යාලය විවෘත කිරීමත් ඓතිහාසික සිදුවීමක් ලෙස ජගත් දේශපාලන විශ්ලේෂකයන් හදුන්වා දී තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS