අබාධිත වෙනකම්ම පහරදීලා



ඩුබායි නුවර මුස්ලිම් පල්ලියක් ඉදිරිපිට ඇති වු ආරවුලකින් පසුව පුද්ගලයෙකුට අමානුෂික ආකාරයෙන් පහර දී ඇති බව වාර්තා වේ.

එම පහරදීමෙන් පසු, පහරකෑ පුද්ගලයා පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වී ඇති බව ඩුබායි පොලීසිය ප්‍රකාශ කළේ ය.

වාහනයක් නතර කිරීම සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් ආසියානු රියදුරෙකු අනපේක්ෂිත ආකාරයෙන් තවත් රියදුරෙකුගේ හිසට පොල්ලකින් පහර දී ඇත.

පහර කෑමෙන් පසු රියදුරාට සිහිය නැති වී ගොස් ඇති අතර, ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහලට ගෙන ගොස් ඇත.

හිසට සිදු ව ඇති බරපතල හානි හේතුවෙන් පූර්ණ අබාධිත තත්ත්වයට පත් ව ඇති බව අධිකරණ වෛද්‍ය වාර්තාව අනාවරණය කළේ ය.

මාස තුනක සිරදඬුවමකින් පසු ආසියානු රියදුරා පිටුවහල් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS