අබ්බගාත වු සේවකයාට ඩිරාමි මිලියන 1.2ක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඉදිකිරීම් සමගමක සේවකයෙකුට වන්දි වශයෙන් ඩිරාමි මිලියන 1.2ක් ගෙවීමට සිදු වී ඇති බව වාර්තා වේ.

අදාල වන්දි මුදල ගෙවන ලෙස අබුඩාබි පවුල් සහ සිවිල් පරිපාලන අධිකරණය නියෝග කර ඇත.

ඉදිකිරීම් සමාගමක සේවයයේ නිරතව සිටි ආසියානු සේවකයා අලුතින් ඉදිකරන ලද ගබඩාවක වහලයෙන් බිමට වැටීමෙන්පසු අංශභාග රෝගී තත්ත්වයට ගොදුරු වී ඇත.

අනතුරින් පසු ඔහුට ගඳ සුවඳ දැනීම සහ රසය පිළිබඳ හැඟීම සම්පූර්ණයෙන්ම අහිමි වී ඇත.

සේවකයාගේ හිස් කබලට සහ මොළයට සියයට 40 කින් හානි වී ඇති බවත්, වම් ඇසේ පෙනීම සියයට 50 ක් අහිමි වී ඇති බවත්, වම් කනේ සියයට 50 ක ශ්‍රවණාබාධයක් ඇති බවත්, ඊට අමතරව ඔහුගේ නාසයේ අස්ථි බිඳීම් 10 ක් ලෙස ගණන් බලා ඇතිබවත්, රැකියා කිරීමට නුසුදුසු බවත්, තවදුරටත් තනිවම ක්‍රියා කළ නොහැකි බවට වෛද්‍ය නිර්දේශය වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS