අන්ධ පුද්ගලයන්ට වෙරළ තීරයක්



ඊජිප්තුව අන්ධ පුද්ගලයින්ට විනෝද වීම සඳහා වෙරළ කලාපයක් පළමු වරට නම් කර ඇති බව වාර්තා වේ.

අල්-මන්දාරා දිස්ත්‍රික්කයට අයත් වෙරළ තීරය අන්ධ පුද්ගලයින්ට විනෝද වීම සඳහා විවෘත කිරීමට කටයුතු කර ඇත.  

අන්ධ සහ දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට ඉමහත් සතුටක් ලබාගැනීමට අවස්ථාව හිමි වේ.

අන්ධ පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් ඉතා සමීපව නිරීක්ෂණය කරන බව ඇලෙක්සැන්ඩ්‍රියාවේ සංචාරක හා නිවාඩු නිකේතන මධ්‍යම පරිපාලන ප්‍රධානී, ගමාල් රෂාඩ් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කයිරෝ නුවර)

RECOMMEND POSTS