අන්තර්ජාලයෙන් මත්ද්‍රව්‍ය විකුණලා



ඩුබායි නුවර රැදී සිටිමින් අන්තර්ජාල ඔස්සේ මත්ද්‍රව්‍ය විකුණු ආසියාතිකයෙකුට වසර 10ක සිරදඩුවමක් නියම කර ඇති බව වාර්තා වේ.

සිරදඩුවමට අමතරව, ඩිරාම් 50,000ක දඩ මුදලක්ද නියම කර ඇති අතර, සිරදඩුවම අවසන් වීමෙන් පසු පිටුවහල් කරන ලෙස අපරාධ අධිකරණය නියෝග කර ඇත.

වට්ස්ඇප් සමාජ ජාල මෘදුකාංගය හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර ඇති බව ඩුබායි පොලීසිය ප්‍රකාශ කළේ ය.

පොලිසියට ලැබුණු තොරතුරක් මත වයස අවුරුදු 47ක පුද්ගලයාගේ කාමරය වටලා මෙතම්ෆෙටමින් කිලෝග්‍රෑම් 7.5 ක් අඩංගු ප්ලාස්ටික් බෑගයක්, තරාදියක් සහ ඇසුරුම් කිරීමට ගන්නා මෙවලම් සොයා ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS