අන්තර්ජාලයෙන් බිලිඳකු විකුණන්න හදලා



එමිරේටයේ විදේශික කාන්තාවන් තිදෙනෙකු මාස දෙකක පිරිමි බිළිඳකු විකිණීමට උත්සහ කර ඇති බව වාර්තා වේ.

බිළිඳෙකු විකුණන බවට සමාජ ජාල වෙබ් අඩවියක දැන්වීමක් පළ කිරීමට කාන්තාවන් කටයුතු කර ඇති අතර, වහාම ක්‍රියාත්මක වු පොලීසිය කාන්තාවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

තමන්ට මුදල් නොමැති නිසා අනියම් සම්බන්ධයකින් උපන් බිළඳා විකිණිමට තීරණය කළ බව 35 හැවිරිදි කාන්තාව අධිකරණයේදි ප්‍රකාශ කර ඇත.

බිළිදාව විකිණිමට උදව් කළ කාන්තාවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මිනිස් ජාවාරම් කිරීමසම්බන්ධයෙන් වරදකරුවන් වු කාන්තාවන් තිදෙනාට වසර තුන බැගින් සිරදඩුවමක් සහ දඩුවම් කාලය අවසන් වීමෙන් පසු රටින් පිටුවහල් කිරීමට අධිකරණය නියෝග කළේ ය.

බිළඳාව විශේෂිත ළමා සුරැකුම් මධ්‍යස්ථානයකට තැබීමට අධිකරණය නියෝග කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS