අන්තර්ජාල අපහාසවලටදැඩි දඩුවම්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අන්තර්ජාල අපහාසකරන්නන්ගෙන් අය කරගනු ලබන දඩ මුදල් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, බැන වැදීම්වලටඩිරාම් 250,000ක්ද, අපහාස කිරීම් හෝ කෙනෙකුගේ කීර්ති නාමයට හානි කිරීම සඳහා ඩිරාම් 500,000ක දඩ මුදල් අය කරනු ලබන බව මහජන නඩු පැවරීමේ අධිකාරිය නිවේදනය කර ඇත.

එමිරේට්ස් නීතියේ, 2021 අංක 34 දරන ෆෙඩරල් ආඥා පනතේ 43 වැනි වගන්තියට අනුව,අන්තර්ජාලය හරහා සිදුකරනු ලබන අපහාස බරපතල අපරාධයක් ලෙස නම් කර ඇත.

රාජ්‍ය සේවකයකුටහෝ රාජ්‍ය සේවයේ යෙදී සිටින අයෙකුට අන්තර්ජාලය හරහා අපහාස සිදුකළ හොත් දඬුවම බරපතල විය හැකි බව  නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

තම බිරිඳ “වට්ස්ඇප්“ සමාජ ජාල මෘදුකාංගය හරහා "මෝඩයෙකු" ලෙස හැඳින්වූ පුද්ගලයෙකුට සිර දඬුවමක් සහ ඩිරාම් 20,000 දඩයක් නියම කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS