අනතුරින් අයෙක් මරුට: 5කට තුවාල



ඕමානයේ සිදු වු මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

යකතුම්රයිට් හයිමා මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක අබලන් ටයරයක් පුපුරා යෑමෙන් අනතුර සිදු වී ඇත.

තුවාලකරුවන්ව ගුවනින් නිස්වා රෝහලට රැගෙන යෑමට පොලීසිය කටයුතු කර ඇති අතර, අනතුරින් එක් අයකු ජීවිතක්ෂයට පත් වී ඇත.

තුවාල ලැබූ ඉතිරි පස්දෙනා ආසියාතිකයින් බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS