අගමැති ඉම්රාන් සෙෳදියේ



දින දෙකක නිල සංචාරයක් ආරම්භ කරමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සෞදියේ රියාද් නුවරට පැමිණියේය.

සෞදි අරාබිය සහ පාකිස්තානය සාම්ප්‍රදායික මිතුරන් වන නමුත්, පසුගිය මාස කීපයක් තිස්සේ දෙරට අතර සම්බන්ධතා පළුදු වී තිබුණි. එසේ පළුදු වුණු සබඳතා යළි වර්ධනය කරගැනීම අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ අරමුණ වී ඇත.

අග්‍රාමාත්‍ය ඉම්රාන් සෞදිය බලා පැමිණියේ එරට ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන්ගේ ආරාධනයකට අනුව යැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

2018 වසර වසරේ සෞදි අරාබිය, ඇමෙරිකන් ඩොලර් බිලියන 3ක ණයක් ද, ඇමෙරිකානු ඩොලර් බිලියන 3.2ක බොර තෙල් ණය පහසුකමක් ද පාකිස්තානයට ලබාදුන්නේය.

කාශ්මීර අර්බුදය මුල්කොට ගනිමින්, ඉන්දියාව මානව හිමිකම් උල්ලංඝණය කරන බවට චෝදනා කළ පාකිස්තානය ඒවා නැවැත්වීමට සහාය වන්නැයි සෞදි අරාබියෙන් ඉල්ලීමක් කළේය ය. සෙෳදිය ඒ ගැන තැකීමක් නොකළ අතර, ගත් ණය ඉක්මනින් ගෙවන්නැයි පාකිස්තානයට දැනුම්දුන්නේය.

පාකිස්තානයත් සෞදියත් අතර ඇයිහොඳයිකම් පළුදු වූයේ එම අවස්ථාවේදීය. එම සිදුවීමෙන් පසුව පාකිස්තානය, චීනයෙන් මූල්‍ය සහාය පැතුවේය. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ රජය සහ පාකිස්තාන රජය අතර සබඳතා තව තවත් ශක්තිමත් වීමට එය හේතුවක් වූ බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

රියාද්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS