ISIS ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට



උතුරු ඉරාකයේ ගමකට ISIS සටන්කාමීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින්  පුද්ගලයන්13 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

ගම්වාසීන් තිදෙනෙකු සහ කුර්දි සොල්දාදුවන් 10 දෙනෙකු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව කුර්දි රජය ප්‍රකාශ කළේ ය.

කුර්දි හමුදා, ඉරාක හමුදා සහ සිවිල් වැසියන්ට එරෙහිව නිරන්තර ප්‍රහාර එල්ල කරන, ISIS  ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා තෝතැන්නක් වන මක්මූර් කලාපයේ දි ප්‍රහාරය එල්ල කර ඇත.

මෙම මාරාන්තික ප්‍රහාරයේ වගකීම ISIS සටන්කාමීන් භාර ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, සුලෙයිමානියා නගරය)


RECOMMEND POSTS