60 ට වැඩි අයට බූස්ටර් එන්නත දෙයි



සෞදි අරාබියේ හැටට වැඩි පුද්ගලයින්ට බූස්ටර් එන්නත ලබාදීමට කටයුතු කරන බව වාර්තා වේ.

වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින්ට කොවිඩ් -19 එන්නතේ බූස්ටර් එන්නත ලබා ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

දැනට දෙවන එන්නත ලබා ගෙන මාස අටක් සම්පූර්ණ වී ඇති වැඩිහිටි පුද්ගලයින්ට බූස්ටර් එන්නත ලබාදීමට කටයුතු කරන බව  සෞඛ්‍ය අමාත්‍යාංශයයේ මාධ්‍ය ප්‍රකාශක, ආචාර්ය මොහොමඩ් අල්-අබ්ඩ් අල්-අලි මාධ්ය හමුවකදී පැවසීය.

නිදන්ගත රෝග, වකුගඩු අකර්මන්‍යතාවයෙන් පෙළෙන, අවයව බද්ධ කිරීම් සිදු කළ සහ ඉහළ අවදානමක් ඇති පුද්ගලයින්ට මීට පෙර බූස්ටර එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS