30% මත්පැන් බද්ද ඉවත් කරයි



එමිරේට්ස් රජය මත්පැන් මත පනවා තිබු සියයට30 මහනගර සභා බද්ද ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

2023 ජනවාරි 01 දින සිට අදාල බද්ද ඉවත් කිරීමට සහ පුද්ගලික බලපත්‍ර ගාස්තුව අත්හිටුවීමට කටයුතු කර ඇත.

අවම වශයෙන් වයස අවුරුදු 21 හෝ ඊට වැඩි පුද්ගලයෙකුට පුද්ගලිකව හෝ බලපත්‍රලාභී පොදු ස්ථානවල නීත්‍යානුකූලව මත්පැන් පානය කිරීමට හැකියාව ලැබෙන අතර, වලංගු එමිරේට්ස් හැඳුනුම්පතක් හෝ සංචාරක ගමන් බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ.

මධ්‍යසාර මත පනවා තිබු සියයට 30 ක මහ නගර සභා බද්ද ඉවත් කිරීමෙන් පසු තමන් සතුටට පත් වු බව රිටයිම් ඇන්ඩ් මර්කන්ටයිල් ඉන්ටර්නැෂනල් සහ එමිරේට්ස් ලෙෂර් රිටේල් හි සමූහ ප්‍රධාන විධායක, ටිරෝන් රීඩ් පැවසුවේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)


RECOMMEND POSTS