2023 රූ රැජින තරඟ සත්කාරකත්වය එමිරේටයට



2023 ලෝක රූ රැජින තරගයට සත්කාරකත්වය එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සපයන බව සංවිධායකයින් අනාවරණය කර ඇති බව වාර්තා වේ.

2023 ලෝක රූ රැජින තරගය එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ පැවැත්වෙන බවත්, දිනය හෝ අවසන් තරඟ ස්ථානය තවමත් ප්‍රකාශයට පත් කර නොමැති බව Miss World Limited ආයතනය ප්‍රකාශ කළේ ය.

71 වැනි ලෝක රූ රැජින තරඟය එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ පැවැත්වෙන බව ප්‍රකාශයට පත් කිරීමට ලැබීම ගැන තමන් සතුටු වන බවජූලියා මෝර්ලි,Miss World Limited ආයතනයේසභාපතිවරියප්‍රකාශ කළා ය.

ලෝක රූ රැජින තරගය 1951 වසරේ සිට වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර තරගයකි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS