20 ක් කොරෝනා නීතිරීති කඩලා



සෞදි අරාබියේ කොරෝනා නීතිරීති උල්ලංඝනය කළ ආසාදිතයන් විසි දෙනෙක් මදීනා නුවරදි අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ආසාදිත පුද්ගලයන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව මදීනා පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කර්නල් හුසේන් අල් කහතානි පවසයි.

කොරෝනා නීතිරීති උල්ලංඝනය කළ පුද්ගලයන් 305ක් රියාද් නුවරදි සහ පුද්ගලයන් 68 දෙනෙක් මක්කම නුවරදි අත්අඩංගුවට ගෙන තිබේ.
කොරෝනා නීතිරීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට සෞදි රියාල් 200,000 ක් දක්වා දඩයක් හෝ වසර දෙකක සිර දඩුවමක් නියම වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS