18 ට වැඩි අයට එන්නත් දෙයි



ඕමානයේ වයස අවුරුදු 18 සහ 18ට වැඩි පුද්ගලයන්ට කොවිඩි-19 එන්නත ලබා දෙන බව වාර්තා වේ. සියළුම ආණ්ඩුකාර නගරවල එන්නත් ලබාදීම සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

“කොවිඩ් -19 ට එරෙහිව ප්‍රතිශක්තිකරණය සඳහා වූ ජාතික ව්‍යාපාරය’’ එන්නත් වැඩසටහනට සහයෝගය ලබා දෙයි.
එන්නත් ලබා දීමට රජය ගන්නා උත්සාහයට සහ නිලධාරීන්ගේ උත්සාහය පිළිබඳව ජනතාව ප්‍රශංසා  කරන බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS