'සලාම් එයාර්' සමාගමට වසර 4 යි



ඕමානයේ ලාභදායි ගුවන් සමාගමක් වන සලාම් ඒයාර් ගුවන් සමාගමට වසර හතරක් සම්පූර්ණ වන බව වාර්තා වේ.

සිව්වන සංවත්සර සැමරීම සඳහා  මස්කට් නුවර සිට සලාලාහ් නුවර දක්වා ඕමාන් රියාල් 4ක මුදලකට ගුවන් ටිකට් පත් 2021 ජනවාරි 30 දින නිකුත් කර තිබේ.

“අපගේ සිව්වන සංවත්සර සැමරුමේ කොටස්කරුවන් වන්න! 2017 දී අපගේ පළමු වාණිජ ගුවන් ගමන සනිටුහන් කිරීම සඳහා ජනවාරි 30 වන දින මස්කට් නුවර සිට සලාලා නුවර දක්වා පියාසර කරනු ලබන විශේෂ ගුවන් යානය සමඟ එක්වන්න’’ යනුවෙන් ගුවන් සමාගම ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS