කුමරු පුටින් සමඟ සාකච්ඡා
සෞදි ඔටුන්න හිමි කුමරු,මොහොමඩ් බින් සල්මාන්රුසියානු ජනාධිපති, ව්ලැඩිමීර් පුටින් සමඟ දුරකථන සංවාදයක් පවත්වා ඇති බව වාර්තා වේ.
ගෝලීය බලශක්ති වෙලඳපොල ස්ථාවර කිරීම සම්බන්ධයෙන් මෙම දුරකථන සංවාදයේදි සාකච්ඡා කර ඇත.
මෑතකදී පැවති බ්‍රික්ස් (BRICS- Brazil, Russia, India, China, and South Africa) සමුළුව සහ ආර්ථික හවුල්කාරිත්වයන් ගොඩනැගීමට රාජධානියේ උනන්දුව සහ බ්‍රික්ස්රටවල් සමඟ සහයෝගීතාවය සඳහා එහි අභිලාෂය ඇතුළුව පොදු උනන්දුවක් දක්වන කරුණු ගණනාවක් ද සාකච්ඡා කළ බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)