‘ඩැනියෙල්’ ලිබියාවේ 2500 ක් බිලි ගනී



‘ඩැනියෙල්’ සුළි කුණාටුව ලිබියාවට කඩා වැදුණි.

සුළි කුණාටුව සමඟ ඇද හැලුණු මහ වැසි හේතුවෙන් ලිබියාවේ වේල්ල දෙකක් පිරී කැඩී යෑමෙන් ඇති වුණු හදිසි ජල ගැලීම්වලට 2,500 දෙනෙක් බිලි වූහ. අතුරුදන් වූ බව පැවැසෙන පිරිස 6,000 කි.

හදිසි ජල ගැලීම් හේතුවෙන් මියගියේත් පීඩාවට පත් වූයේත් දෙර්නා නමැති නගරයේ වැසියන් බව ද පැවැසෙයි.

නගරයේ මෝටර් රථ සැඬ රළ පහරට ගසා ගෙන ගිය බව ද වාර්තා වේ. දෙර්නා සහ ඒ අවට පළාත් රැසක් මේ වනවිට මුළුමනින්ම ජලයෙන් යටවී ඇතැයි ලිබබියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


RECOMMEND POSTS