හරිත ලැයිස්තුව යාවත්කාලීන කරයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය හරිත ලැයිස්තුව යාවත්කාලීන කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

නිරෝධායනය වීමකින් තොරව හරිත ලැයිස්තුවට අයත් රටවල පුරවැසියන්ට අබුඩාබි නුවර සංචාරය කිරීමට අවස්ථාව හිමි වන බව සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.   

ඇල්බේනියාව, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බහරේනය, බෙල්ජියම, බෲනායි, බල්ගේරියාව, කැනඩාව, චීනය, චෙක් ජනරජය, ජර්මනිය, හොංකොං, හංගේරියාව, මෝල්ටාව, මෝල්ඩෝවා, නවසීලන්තය, පෝලන්ත ජනරජය, රුමේනියාව, සෞදි අරාබිය, සර්බියාව, සීෂෙල්ස්, සිංගප්පූරුව, දකුණු කොරියාව, ස්වීඩනය, ස්විට්සර්ලන්ත, තායිවානය, චීනය සහ  යුක්රේනය යන රටවල් හරිත ලැයිස්තුවට අයත් රටවල් වේ.

මෙම ලැයිස්තුව 2021 අගෝස්තු 20 වෙනිදා පෙ.ව. 12.00 සිට බල පැවැත්වෙන බව ඒමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS

RELATED POSTS