සෞදි ගුවන් හමුදාව යුධ අභ්‍යාසයක
සෞදි රාජකීය ගුවන් හමුදාව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ පැවැත්වෙන “Desert Flag 2025“ ගුවන් හමුදා අභ්‍යාසයට සහභාගී වී ඇති බව වාර්තා වේ.
ගල්ෆ් කලාපයේ ගුවන් හමුදාවන්වල සටන් සූදානම සහ මෙහෙයුම් හැකියාවන් වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ප්‍රධාන ඒකාබද්ධ ගුවන් අභ්‍යාසයකි.
සෞදි රාජකීය ගුවන් හමුදාවට අයත් F-15C ගුවන් යානා කාර්ය මණ්ඩල දිවා රාත්‍රී මෙහෙයුම්, ගුවන් සහාය සහ සෙවීම් සහ ගලවා ගැනීමේ විවිධ පුහුණු මෙහෙයුම්වල නිරත වේ.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)