සෞදිය 17,250කට රටඉඳි බෙදයි



සෞදි අරාබිය චැඩ් රාජ්‍යයේ අතිශය අසරණ වූ ජනතාවට රටඉඳි පෙට්ටි 2,875ක් බෙදා දීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

2026 වසර සඳහා නියමිත රටඉඳි ටොන් 800ක් බෙදා දීමේ වැඩසටහනේ කොටසක් ලෙස ක්‍රියාත්මක වන අතර, මෙයින් පුද්ගලයින් 17,250 දෙනෙකු ප්‍රතිලාභ හිමි වේ.

සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය මෙම වැඩසටහන ක්‍රියත්මක කරයි.

ලොව පුරා විපතට පත් වූ සහ අවශ්‍යතා සහිත ප්‍රජාවන්ට උපකාර කිරීම සඳහා සෞදි අරාබිය සිදුකරන මානුෂීය සහ සහන සේවාවන්වල තවත් එක් පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

RECOMMEND POSTS