සතියක් තුළ 8,900ක් අත්අඩංගුවට



සෞදි අරාබිය එක් සතියක් තුළ  පුද්ගලයින් 8,900කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සෞදි අරාබිය තුළ රැඳිසිටින නීතිවිරෝධි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මැයි 14 සහ 20 අතර කාලය තුළ සිදුකරන ලද හදිසි මෙහෙයුම් වලින් මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට සෞදි ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

මෙයට නේවාසික නීති උල්ලංඝනය කළ පුද්ගලයින්4,638ක්, දේශසීමා නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 2,810ක් සහ කම්කරු නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,495ක් ඇතුළත් වේ.

නීතිවිරෝධී ලෙස රාජධානියට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයින් 1,158 දෙනෙකු දේශසීමා බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට 61%ක් ඉතියෝපියානු ජාතිකයින්, 38%ක් යේමන ජාතිකයින් සහ 1%ක් වෙනත් ජාතිකයින් අයත් වේ.

නීතිවිරෝධී ලෙස රාජධානියෙන් පිටවීමට උත්සාහ කළ 54 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

නීති කඩකරන්නන් ප්‍රවාහනය කිරීම, ඔවුන්ට නවාතැන් දීම සහ රැකියා ලබා දීම සම්බන්ධයෙන් පුද්ගලයින් අට දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

RECOMMEND POSTS