සටන් විරාමය කඩන්න එපා: තුර්කිය ඊශ්‍රායලයට තරවටු කරයි

ගාසා තීරයේ හමාස් සංවිධානය සමඟ ඇති කරගත් සටන් විරාමය උල්ලංඝනය කිරිමෙන් වළකින්නැයි තුර්කිය ඊශ්‍රායලයට තරවටු කර ඇත.
ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතරේ සටන් විරාමයක් සහ සාම සැලැස්මක් ආරම්භ වූයේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙනි.
සටන් විරාමය සහ සාම සැලැස්ම සකස් කිරීමට තුර්කිය, ඊජිප්තුව සහ කටාර් රාජ්‍යය සම්බන්ධ විය.
හමාස් - ඊශ්‍රායල සටන් විරාමයක් සහ සාම සැලැස්ම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට අරාබි සහ මුස්ලිම් රටව විදේශ ඇමැතිවරුන් තුර්කියේ ඉස්තාන්බුල් නුවරට පැමිණ සිටි බව තුර්කි විදේශ ඇමැති හක්කාන් ෆයිඩාන් පැහැදිලි කර ඇත.

