වරදක් වුණා නම් සමාව ගන්න

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සෞදියේ සල්මාන් කුමරුන් අතරේ හමුව ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ පැවැත්වෙද්දී, ඇමෙරිකන් මාධ්‍යවේදිනී මේරි බෲස්, ජමාල් කශෝගී ඝාතනය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී, සල්මාන් කුමරු ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේය.
කශෝගී ඝාතන සිද්ධියට අදාළ වරදකරුවන් නීතියේ රැහැනට හසුවුණු බවත්, ඔවුන්ට නීතියෙන් දඩුවම් දුන් බවත් පවසමින් සල්මාන් කුමරු පැහැදිලි කළේ එය අවාසනාවන්ත සිදුවීමක් බවත්, ලොකු වරදක් බවත්ය.
මේ සම්බන්ධයෙන් කශෝගීගේ වැන්දඹුව සෞදි ජාතික හනාන් එලාටාර් සමාජ මාධය ඔස්සේ සෞදි කුමරුන්ට දන්වා ඇත්තේ, තම සැමියාගේ ඝාතනය සම්බන්ධයෙන් කුමරු සමාව ගැනීමක් කළ යුතු බවය. 2018 වසරේදී කශෝගීගේ ඝාතනය වූයේ හනාන් එලාටාර්ගෙන් දික්කසාද වීම සඳහා අදාළ නීති ලියවිලිවලට අස්සන් තැබීමට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ගිය අවස්ථාවේදීය.
‘මගේ සැමියා ඝාතනය කිසිම ආකාරයකින් සාධරණී කරන්න බැහැ. ලෝකයට ඔහු කවුරු වුණත්, ඔහු මගේ සැමියා. ඔහු ගෞරවණීය ලෙද රැකියාව කළ මාධ්‍යවේදියෙක්. ඔහුගේ මතයට ගරු කරන බොහෝ දෙනකු ඉන්නවා. නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම වෙනුවෙන් ඔහු නිරන්තරයෙන් හඬ නැගූ කෙනෙක්’ යැයි කශෝගීගේ වැන්දඹුව වැඩි දුරටත් පවසා ඇත.

