වකුගඩුව විකුණන්න මුහුණුපොතට දාලා



ජෝර්දාන් ජාතිකයෙකු වකුගඩුවක් විකිණිම සඳහා මුහුණුපොතේ (Facebook) දැන්වීමක් පළ කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

"මම හොඳ සෞඛ්‍ය තත්වයෙන් සිටින 50 හැවිරිදි විශ්‍රාමිකයෙක්. මට රැකියාවක් නැහැ. හිඟ ණයක් පියවීම සඳහා මම මගේ වකුගඩුව ඩිනාර් 25,000 කට විකිණීමට ඉදිරිපත් කරනවා," යනුවෙන් මුහුණුපොතේපළකර ඇත.

ජෝර්දානය මිනිස් අවයව ජාවාරම දැඩි ලෙස තහනම් කර ඇති රටක් ලෙස සැලකේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - අම්මාන් නුවර)

RECOMMEND POSTS