යුද්ධයට දෙන සහය අඩුවෙලා

ඇමෙරිකා ඉරාන යුද ගැටුම සම්බන්ධයෙන්, ඇමෙරිකන් ජනතාවගෙන් හිමිවන සහාය අඩුවී ඇතැයි රොයිටර් පුවත් සේවය කළ ජනමත විමසුමකින් අනාවරණය වී ඇත.
අවසානයක් නොමැතිව, දිග් ගැස්සෙන මෙම යුදමය තත්ත්වය සම්බන්ධයෙන් සිදුකළ එම ජනමත විමසුමට අනුව, ඉරානයට එරෙහි යුද්ධයට සහාය දක්වන්නේ ඇමෙරිකානුවන්ගෙන් තුනෙන් එකක් බව පැවැසෙයි.
රොයිටර් ජනමත විමසුමට අනුව, ඇමෙරිකානුවන්ගෙන් සියයට 69 ක් (ඊට රිපබ්ලිකන් පාක්ෂිකයන් 10 දෙනකුගෙන් 4 දෙනකුද ඇතුළත් වේ) විශ්වාස කරන්නේ ඉරානයට එරෙහි හමුදා මැදිහත්වීමේ ප්‍රධාන අරමුණු මොනවාදැයි ට්‍රම්ප් විසින් පැහැදිලි කර නොමැති බවය.

