මොජ්ටාබාගෙන් ඉරාන ජනපතිට අවසන් නිවේදනයක්

ඇමෙරිකාව සමග පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී, ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන්ට අවසන් නියෝගයක් නිකුත් කර ඇත. ඒ, ඇමෙරිකාව සමග පැවැත්වෙන සාකච්ඡාවලින් පලක් නොවන්නේ නම්, සාකච්ඡා වහා නවත්වන ලෙසය.
ඇමෙරිකාව ගැන හෝ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන හෝ විශ්වාසය තැබීම කළ නොහැකි බව ද ඉරාන උත්තරීතර නායකවා අවධාරණය කර ඇත. මෙම අවසන් නිවේදනයත් සමග ඉරාන දේශපාලනයේ නොසන්සුන්තාවක් නිර්මාණය වී ඇතැයි ද පැවැසෙයි.
ඉරාන උත්තරීතර නායකයා සිටින්නේ එරට ජනාධිපතිවරයාට ඉහළිනි. වත්මන් ඉරාන ජනාධිපති ලෙස කටයුතු කරන මෙෂූඩ් පෙසෙෂ්කියන්, දැඩිමතධාරියකු නොව මධ්‍යස්ථමතධාරියෙකි. පෙසෙෂ්කියන් උත්සාහ ගනිමින් සිටින්නේ සාකච්ඡා මාර්ගයෙන් ඉරාන ඇමෙරිකා අර්බුදය සමතයකට පත්කර ගැනීමටය.

