බැතිමතුන් මිලියනයකට වඩා ඇවිදින්
සෞදි අරාබියේ හජ් වන්දනාවට බැතිමතුන් මිලියනයකට වඩා වැඩි පිරිසක් මේවනවිට පැමිණ ඇති බව වාර්තා වේ.
2025 මැයි 25 වන විට බැතිමතුන් 1,070,000 ක් රාජධානියට පැමිණ ඇති බවහජ් සමය සඳහා වන සූදානම පිළිබඳව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍ය අමාත්‍ය, සල්මන් බින් යූසෙෆ් අල් දොසාරි පැවසුවේය.
ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත මුස්ලිම්වරු වාර්ෂිකව හජ් ආගමික වතාවත් සිදුකරගැනීම සඳහා මක්කම නගරයට පැමිණෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - මක්කම නුවර)