බන්ධනාගාරයට එල්ල වූ ප්‍රහාරයෙන් 71 ක් මැරිලා
ඊශ්‍රායලය, ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කරද්දී, ඉකුත් 23 වැනිදා ඉරානයේ තෙහෙරාන් අගනුවර පිහිටා ඇති එවින් බන්ධනාගාරයට ද ප්‍රහාර එල්ල විය. එම ප්‍රහාරයෙන්, 71 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ඉරාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඉරාන අධිකරණය මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ, මෙය යුදෙව් ඊශ්‍රායලය ඉරානයට එරෙහිව කළ දරුණු අපරාධයක් බවය.
ඊශ්‍රායල ප්‍රහාරයෙන්, බන්ධනාගාරයේ පරිපාලන කාර්ය මණ්ඩලය, හමුදා සේවයේ නියුතු පිරිසක්, රැඳවියන්, රැඳවියන් බැලීමට පැමිණි පවුලේ සාමාජිකයන් සහ බන්ධනාගාරය අවට පදිංචි වැසියෝ ජීවිතක්ෂයට පත්වූහ. තවත් බොහෝ දෙනෙක් තුවාල ලැබූහ. ප්‍රහාරය එල්ල වෙද්දී එවින් බන්ධනාගාරය තුළ ප්‍රංශ ජාතිකයන් ද ඇතුළු තවත් විදේශිකයන් කීප දෙනකු සිටි බව ද වාර්තා වේ.
තෙහෙරාන්හිදීය (ප්‍රෙස් ටීවී)