නීතිවිරෝධි බැතිමතුන් ප්‍රවාහනය කරලා



හජ් බලපත්‍ර නොමැතිව වන්දනාකරුවන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන්පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මක්කම පිහිටි පිවිසුම් දොරටු අසල සිදුකෙරෙන පරීක්ෂාවන් වලදී අදාල පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

හජ් නීති රෙගුලාසි කඩකිරීම සම්බන්ධයෙන් පදිංචිකරුවන් හත් දෙනෙකු සහ පුරවැසියන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.

හජ් නීති සහ රෙගුලාසි උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව සිරගත කිරීම, සෞදි රියාල් 100,000 දක්වා දඩ මුදල්, උල්ලංඝනය කරන්නන් ප්‍රසිද්ධියේ නම් කිරීම, පදිංචිකරුවන් පිටුවහල් කිරීම සහ ඔවුන්ගේ සිර දඬුවම් අවසන් වූ පසු සෞදි අරාබියට නැවත ඇතුළුවීම වසර 10 ක තහනමක් පැනවීම ඇතුළත් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - මක්කම නුවර)

RECOMMEND POSTS