නිවාස වැඩසටහන පුළුල් කරයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සිය නිවාස වැඩසටහන් පුළුල් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

පවුල් ස්ථාවරත්වය ගොඩනැගීමට සහාය වීම, ජීවන තත්වයන් වැඩිදියුණු කිරීම සහ රට පුරා සුදුසු නිවාස සැපයීම සඳහා එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සිය ජාතික නිවාස වැඩසටහන 2025 වර්ෂය තුළ පුළුල් කිරීමට කටයුතු කළේ ය.

එමිරේට්ස් කැබිනට් මණ්ඩලය විසින් ඩිරාම් බිලියන 2.546 ක් වටිනා නිවාස 3,567 ක් අනුමත කරන ලද අතර, අවසාන කාර්තුවේදී ඩිරාම් මිලියන 478 කට ආසන්න මුදලක් වෙන් කළේ ය.

2029 වර්ෂය වන විට නිවාස සහ ඉඩම් කට්ටි 40,000 කට වඩා ලබා දීමට කටයුතු කරන අතර, අබුඩාබි හි, ඩිරාම් බිලියන 106 ක් වටිනා ගිවිසුම් අත්සන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - අබුඩාබිනුවර)

RECOMMEND POSTS