තුර්කියේ වෙඩි තැබීමකින් 6 ක් මරුට: අටක් රෝහලේ



දකුණු දිග තුර්කියේ සිදුවුණු වෙඩි තැබීමකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත් තවත් 8 දෙනකු තුවාල ලැබූ බවත් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසයි.

වෙඩි තැබීම සිදුවුණු බව පැවැසෙන්නේ මර්සින් පළාතේය. එය පෞද්ගලික ආරවුලක් මත සිදුවුණු වෙඩි තැබීමක් බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. වෙඩි තැබීම කළ සැකකරු පලා ගිය බවත්, ඔහු සොයා සෝදිසි මෙහෙයුම් සිදුවන බවත් පැවැසෙයි.


RECOMMEND POSTS