ඩ්‍රෝන උණ්ඩ නිෂ්ක්‍රිය කරන්න දින 7 ක්

කුවේටයේ ඉන්ධන ටැංකි සංකීර්ණ ආසන්නයේ වැටී ඇති මිසයිල උණ්ජ නිෂ්ක්‍රීය කිරීම සඳහා දින 7ක් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඉන්ධන ටැංකි සංකීර්ණ ආශ්‍රිතව වැටී තිබු ඩ්‍රෝන මිසයිල් උණ්ඩ සාර්ථකව නිෂ්ක්‍රීය කර විනාශ කර දැමීමට කුවේට් ජාතික ආරක්ෂක බළකායේ පුපුරණ ද්‍රව්‍ය බැහැර කිරීමේ විශේෂඥයින් කටයුතු කරයි.
දැවෙන සුළු ඛනිජ තෙල් නිෂ්පාදන සහ අන්තරායකර රසායනික වාෂ්ප පැවතීම හේතුවෙන් සැලකිය යුතු තාක්ෂණික අභියෝගයක් නිර්මාණය වී ඇති අතර, මිසයිල් කොටස් ඉවත් කිරීම දුෂ්කර වී ඇත.
දැනට පවතින අභියෝග ජයගනිමින් ජීවිත, දේපළ සහ ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා කුවේට්හි හමුදා සහ ආරක්ෂක බලධාරීන් කටයුතු කරමින් සිටින බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNonline කුවේට නගරය)

