ගුවන් ගමන් වාර 20ක් එක්කරයි

සෞදි අරාබිය සිය ගුමන්ගමන් වාර සංඛ්යාව වැඩි කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඊද් අල්-ෆිතර් සමයේ, සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේ අරමුණින් ගුවන් ගමන් වාර ගණන වැඩිකිරීමට කටයුතු කළ බවත්, අලුතින් එක් වු ගුවන් ගමන් වාර 20 සමඟ රියාද්, ජෙඩා සහ රතු මුහුදේ ගමනාන්ත වෙත ගුවන් ගමන් වාර 44ක් ක්රියාත්මක කරන බව සෞදි සංචාරක අධිකාරිය ප්රකාශ කළේ ය.
2030 වන විට සංචාරකයින් මිලියන 150 ක් ආකර්ෂණය කර ගැනීමේ ඉලක්කය සපුරාගැනීමේ අරමුණින් ගුවන්ගමන් වාර් සංඛ්යාව වැඩි කිරීමට කටයුතු කළ බව සෞදි සංචාරක අධිකාරිය වැඩිදුරටත් ප්රකාශ කළේ ය.
ජානක ප්රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

