ගාසා මානුෂීය පදනමේ ප්‍රධානියා ධුරයෙන් ඉවතට
ඇමෙරිකාවේ අනුග්‍රහය ලබන ගාසා මානුෂීය පදනමේ ප්‍රධානී ජේක් වුඩ් සිය තනතුරින් ඉල්ලා අස්වී ඇත. ඒ, තම ගාසා මානුෂීය පදනම සංවිධානයට, ඊශ්‍රායල ප්‍රහාරවලින් දිගින් දිගටම බැට කා අසරණ වී, කුසගින්නේ මරණ මංචකයේ සිටින පලස්තීනුවන් වෙනුවෙන් කිසිවක් කරගත නොහැකි බව පෙන්වා දෙමිනි.
ගාසා මානුෂීය පදනම පිහිටා ඇත්තේ, ජිනීවා නුවර කේන්ද්‍රකොට ගනිමිනි. ගාසා පලස්තීන වැසියන් කුසගින්නේ මියයද්දී, ගතවුණු දින 90 ක කාලයේ එම වැසියන්ට ආහාර බෙදා හැරීමට තමන් සහ තම කණ්ඩායම දැඩි ලෙස උත්සාහ ගත් නමුත්, එම උත්සාහය අසාර්ථක වූ බැවින් තමන්ට තව දුරටත් රාජකාරි කයුතු කරගෙන යෑමට නොහැකි බවත් ජේක් වුඩ් පැහැදිලි කර ඇත.
ගාසා තීරයට දිගටම ආහාර සැපයීම සිදුකරන ලෙසත්, වෙනත් මානුෂීය ආධාර ද නොකඩවා ගාසා වැසියන්ට ලබා දීමට පියවර ගන්නා ලෙසත්, තනතුරෙන් ඉවත් වෙමින් ජේක් වුඩ් පවසා තිබේ.