කතුන් 19 ක් ජාවාරම්කරුවන්ගෙන් බේරාගෙන



කුවේටයේ ෆහහීල් නගරයේ ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුමකින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටි කාන්තාවන් 19 දෙනෙකු මිනිස් ජාවාරම්කරුවන්ගෙන් බේරාගැනීම සමත් වී ඇති බව වාර්තා වේ.

මෙම පිරිස 2014 සිට බලහත්කාරයෙන් රඳවාගෙන සිට ඇති අතර, යකඩ දෙරවල් සහිත කාමරවල මෙම පිරිස රඳවාගෙන සේවයේ යොදව‌ෙගන ඇත.

මෙම කාන්තාවන් පිරිසට අමතරව පිරිමින් හය දෙනෙකුද බේරාගෙන ඇත.

ජාවාරම්කරුවන් නවාතැන් පහසුකම් දෙන බවට රවටා බලහත්කාරයෙන් සේවයේ යොදවා ඇත.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු (කාන්තාවන් හතර දෙනෙකු සහ පිරිමින් දෙදෙනෙකු) අත්අඩංගුවට ගෙන ඇති අතර, නීතිමය කටයුතු සඳහා මහජන නඩු පැවරීම අධිකාරියට යොමු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS