ඉරානය එක්ක එකඟතාවට යන්න හදිස්සි වෙන්න එපා



ඉරානය සමඟ එකඟතාවකට පැමිණීමට, හදිසි නොවන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරාන නියෝජිතයන් සමඟ සාකච්ඡාවල නියැලෙන ඔහුගේ නියෝජිත කණ්ඩායමට උපදෙස් දී ඇත. 

මේ අතර, ඇමෙරිකාව සහ ඉරානය අතර නව ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කිරීමට ආසන්න තත්ත්වයක පවතින බවත්, නෛතික මට්ටමින් එකඟත්වයක් ඇති කර ගැනීම සිදුවනු ඇති බවත් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත.

ඊට අමතරව, ඇමෙරිකාව සහ ඉරානය අතරේ පවතින සටන් විරාමය තවත් දින 60 කින් දීර්ඝ කිරීමට ද ට්‍රම්ප් එකඟත්වය පළ කර ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.

අර්බුදයට ලක්වුණු ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ කටයුතු යළි සුපුරුදු ලෙස පවත්වාගෙන යෑම කෙරෙහි ඇමෙරිකන් සහ ඉරාන නියෝජිතයන් අතරේ සාකච්ඡාවට ලක් වෙයි.


RECOMMEND POSTS