ඉරානයට එරෙහිව දැඩි ආර්ථික ක්‍රියාමාර්ග අනුගමන කරනවා



ඉරානයට එරෙහිව, පෙර නොවූ විරූ ආකාරයේ ආර්ථික ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට තමන් සූදානම් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. 

ට්‍රම්ප් මෙසේ පවසා ඇත්තේ සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් පළ කරමිණි. ට්‍රම්ප් මේ ආකාරයට සටහනක් පළ කළේ, ඉරානය සමග ගැටුම් අවසන් කිරීමට පැවැති සාකච්ඡා අසාර්ථක වීමත්, ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීමෙන් පලක් නැතැයි ඉරාන නායකත්වය ට්‍රම්ප්ට ප්‍රතිචාර දැක්වීමත් සමගය.

‘ඉරානය දිගින් දිගටම මුරණ්ඩු ලෙස හැසිරෙනවා. පෙර නොවූ විරූ ආකාරයට කිසිම රටක් මීට පෙර මුහුණ නොදුන් ආකාරයේ ආර්ථික සම්බාධකවලටත්, ආර්ථික පීඩනයකටත් ඉරානයට මුහුණ දෙන්න සිදුවේවි.’ යැයි ට්‍රම්ප් වැඩිදුරටත් පැහැදිලි කර ඇත.


RECOMMEND POSTS