ඉරාන සාම යෝජනාවට ජනපති ට්‍රම්ප්ගෙන් ප්‍රතිචාර



ඉරානය විසින් ඉදිරිපත් කරන ලද කරුණු 14 කින් සමන්විත නව සාම යෝජනාව පිළිගැනීමට නොහැකි බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 

ට්‍රම්ප් මෙම සාම යෝජනාව සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සමග ද සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වේ.

ට්‍රම්ප් එම සාම යෝජනාව සම්බන්ධයෙන් ඇමෙරිකානු ප්‍රතිචාරය පාකිස්තානය හරහා තමන්ට ලැබුණු බව ඉරාන විදේශ අමාත්‍යාංශය තහවුරු කර ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

කරුණු 14කින් යුත් මෙම සැලැස්ම මඟින් ඉල්ලා ඇත්තේ ඉරාන දේශසීමා අසල සිටින ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීමටත්, ඉරාන වරාය වෙත පනවා ඇති නාවික අවහිරතා නතර කිරීමටත්ය. 

ඊට අමතරව, ලෙබනනයේ ක්‍රියාත්මක ඊශ්‍රායල ප්‍රහාර ඇතුළු සියලු යුද ගැටුම් වහාම නතර කරන ලෙසත්, දින 30ක් ඇතුළත දෙරට අතර ස්ථිර එකඟතාවයකට පැමිණිය යුතු බවත් එම කරුණුවලට අයත් වෙයි.

කෙසේ නමුත්, වොෂින්ටනයේ ප්‍රධාන ඉල්ලීමක් වන න්‍යෂ්ටික වැඩපිළිවෙළ සීමා කිරීම පිළිබඳ සාකච්ඡා මෙයට ඇතුළත් නොවන බව ඉරානය අවධාරණය කර ඇත.


RECOMMEND POSTS