ඉරාන විරෝධතා ඔඩුදුවයි



ඉරාන රියාල් මුදල් ඒකකය ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව විවෘත වෙළඳපොලේ දරුණු ලෙස කඩාවැටීම, ජීවන වියදම දිනෙන් දින ඉහළ යෑමත් සමඟ ඉරානයේ ප්‍රධාන නගරවල විරෝධතා පැවැත්වෙයි. 

පසුගිය සති අනතයේ මෙම විරෝධතා සංවිධානය කර ඇත්තේ ඉරාන විශ්ව විද්‍යාල සිසුන්ය. විරෝධතා ආරම්භ වූයේ තෙහෙරාන් අගනුවරිනි. මේ වනවිට, රට පුරා පැවැත්වෙන විරෝධතා සඳහා දස දහස් ගණනක් ඉරාන වැසියෝ එක් වී සිටිති. 

දකුණු දිග ෆාර්ස් පළාතේ, විරෝධතාකරුවෝ ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙමින්, ප්‍රාදේශීය රජයේ ගොඩනැගිල්ලකට කඩා වැදීමට උත්සාහ කළ බව පැවැසෙයි.

ෆාසා නගරයේ විරෝධතාකරුවන් සහ ඔවුන් මර්දනයට යෙදවුණු ආරක්ෂක අංශ සාමාජිකයන් අතරේ දරුණු ගැටුම් හටගත් බව පැවැසෙයි. එම ගැටුම්වලින් එක් ආරක්ෂක අංශ නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්විය. තුවාල ලැබූ ගණන 3 කි.


RECOMMEND POSTS